මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ Pierre Coffin. එයාම තමයි Brian Lynch එක්ක එකතු වෙලා මේකේ තිර රචනයත් කරලා තියෙන්නේ. Universal Pictures සහ Illumination එකෙන් ප්‍රොඩියුස් කරපු මේ ෆිල්ම් එකේ තවත් විශේෂත්වයක් තමයි, සාමාන්‍යයෙන් මේ ෆ්‍රැන්චයිස් එකේ මියුසික් කරන Heitor Pereira වෙනුවට මේ පාර සංගීතය සපයලා තියෙන්නේ John Powell වීම. හඬ කැවීමෙන් Minions ලට Pierre Coffin වගේම, Trey Parker, Allison Janney, Christoph Waltz, Jesse Eisenberg ඇතුළු සුපිරි තරු රැසක්ම මේකට එකතු වෙලා තියෙනවා. ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නේ 2015 දී ආපු “Minions” ෆිල්ම් එකේ සිදුවීම් වලටත් කලින් කාලෙකයි. හරියටම කිව්වොත් ගෲ (Gru) ට සේවය කරන මිනියන්ස්ලට වඩා වෙනස්ම මිනියන්ස් ගෝත්‍රයක් තමයි මේකෙ ඉන්නේ. අවුරුදු දහස් ගාණකට කලින් ඉඳන් මෙයාලත් ලෝකේ ඉන්න දරුණුම දුෂ්ටයන්ට සේවය කරන්න හොයාගෙන ගියත්, අත්වැරදීම් වලින් ඒ දුෂ්ටයන්ව මරලා දානවා.
No comments yet.