මේ කතාව පටන්ගන්නේ ජෙම්මා කියන අම්මයි එයාගේ දුව මායා වටා. ජෙමාට පුංචි කාලේ ඉඳන්ම එයාගේ අම්මා ගැන තිබුණේ ලොකු බයක් සහ වෛරයක්. මොකද එයාගේ අම්මා අමුතු විදිහට හැසිරුණු, බය හිතෙන කෙනෙක් නිසා. ජෙමා හිතුවේ අම්මා නැති වුණාට පස්සේ ඒ අඳුරු අතීතය ඉවරයි කියලා. ඒත් එකපාරටම ජෙමාගේ දුව මායාට අමුතු අත්භූත දේවල් පෙනෙන්න සහ අත්විඳින්න පටන්ගන්නවා. ඇත්තටම ජෙමාගේ අම්මාට තිබිලා තියෙන්නේ නිකන්ම නෙවෙයි, එහා ලෝකය කියන මළගිය අයගේ සහ යක්ෂයන්ගේ ලෝකයට යන විශේෂ හැකියාවක්. ඒ පාරම්පරික හැකියාව ජෙමාට වගේම දැන් දුව මායාටත් පිහිටලා තියෙනවා. එහා ලෝකයේ ඉන්න Cyrus කියන භයානක අඳුරු බලවේගයයි එයාගේ පිරිසයි බලන්නේ මායාව බිලිගෙන, ඒ හරහා ඇත්ත ලෝකයට එන්න. දුවව මේ අනතුරෙන් බේරගන්න නම් ජෙමාට සිද්ධ වෙනවා එයා කවදාවත් යන්න කැමති නැති, එයාගේ අම්මාගේ පරණ අඳුරු මතකයන් ඇතුළට බැහැලා එහා ලෝකයට යන්න.
No comments yet.