MyFlix

Genre: English

Watch count: 21

Play

The End of Oak Street (2026) Sinhala Subtitles | “ ඕක් වීදියේ භීෂණයක් ” | සිංහල උපසිරැසි සමඟ

නිකමට හිතන්න, ඔයා රෑ හොඳටම නින්දේ ඉන්න වෙලාවක එකපාරටම ඇහෙන මහා භයානක සද්දයක් එක්ක ඔයා ගැස්සිලා ඇහැරෙනවා. මුළු ගෙදරම කරන්ට් එක ගිහින්, ඔයාගේ සුරතල් බල්ලා කවදාවත් නැති විදිහට කලබල වෙලා බුරන්න ගන්නවා. එළියට ගිහින් බලද්දි ඔයාට පේනවා ඔයාගේ මුළු ගමම, ඔයා ජීවත් වුණු වීදියම එහෙම්පිටින්ම වෙනස් වෙලා කියලා. මවාගන්න, ඔයාගේ ගෙදර වටේටම තියෙන්නේ අවුරුදු මිලියන ගාණකට කලින් තිබුණා වගේ මහා අඳුරු කැලෑවක් නම්, ඒත් එක්කම ඈතින් ඇහෙන්නේ යෝධ ඩයිනෝසරයන්ගේ බිහිසුණු සද්දයක් නම් ඔයාට කොහොම දැනෙයිද? අන්න ඒ වගේ හිතාගන්නවත් බැරි, ඇඟ කිලිපොලා යන සිදුවීමක් තමන්ගේම ජීවිතේට වුණොත් මිනිස්සු කොහොම හැසිරෙයිද කියන එක තමයි ‘The End of Oak Street’ කියන මේ අලුත්ම චිත්‍රපටයෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ග්‍රෙග්, ඩෙනිස් සහ ඔවුන්ගේ දරුවන් දෙන්නා මේ නොහිතපු සිදුවීමට මූණ දෙද්දි, තමන්ගේ පවුල බේරගන්න එයාලා කරන අසීරු සටන කතාව පුරාවටම හරිම අපූරුවට ගොඩනගලා තියෙනවා. 2026 අගෝස්තු 14 සිට ලෝකය පුරාම තිරගත වීම ආරම්භ කරපු මේ දැවැන්ත Sci-Fi ෆිල්ම් එක නිර්මාණය වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 80 – 92 අතර වගේ බජට් එකකින්. සුප්‍රසිද්ධ Warner Bros නිෂ්පාදන ආයතනයේ හැදුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන ග්‍රෙග් සහ ඩෙනිස් විදිහට රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩයේ ජනප්‍රිය තරු දෙකක් වෙන Ewan McGregor සහ Anne Hathaway. ඊට අමතරව බ්‍රයන් සහ ඕඩ්‍රි කියන ළමයින්ගේ චරිතවලට Christian Convery සහ Maisy Stella රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ අමුතුම කතාව නිකන්ම නිකන් හිතින් මවාගත්ත එකක්ම නෙමෙයි. මේකට ප්‍රධාන වශයෙන්ම පාදක වෙලා තියෙන්නේ 1980 ගණන්වල ඇමරිකාවේ ෆ්ලවර්වේල් කියන නගරය ගැන කාලයක් තිස්සේ කටින් කට ගිය ප්‍රසිද්ධ නාගරික පුරාවෘත්තයක්. ඒ වගේම ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙක් වුණු කාල් සේගන්ගේ Wormholes මගින් කාලය හරහා ගමන් කිරීම ගැන තියෙන විද්‍යාත්මක සංකල්පත් මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙනවා. ෆිල්ම් එක රිලීස් වෙලා තවම වැඩි කාලයක් නැති නිසා ලෝකය පුරා ප්‍රේක්ෂක අදහස් මොන වගේද කියලා හොයාගන්න අමාරුයි. ඒ නිසා ප්‍රේක්ෂකයෙක් විදිහට මගේ පුද්ගලික අදහස කිව්වොත්, මට නම් මේ මදි. ෆිල්ම් එකේ තැන් කිහිපයකම හොඳ Thrill එකක් ගොඩනැඟුණත් ඒක දිගටම continue නොවී එකපාරටම කැඩෙනවා. ඒ වගේම මට හිතුණ දේ තමයි මේ කතාව ෆිල්ම් එකකට වඩා ගැලපෙන්නෙ ටීවී සීරීස් එකකට කියලා. එහෙනම් මීට වඩා සැහෙන්න හොඳ ආතල් එකක් දෙන්න තිබුණා ප්‍රේක්ෂකයන්ට. කොහොම වුණත්, ඔයා ඇත්තටම චිත්‍රපට රසිකයෙක් නම් මේක ඔයා බැලුවා කියලා පාඩුවක් නොවෙන සිනමා නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මේක නිකන්ම නිකන් ලොකු සත්තු පස්සේ පන්නන සාමාන්‍ය කතාවක් නෙමෙයි. කාල තරණය, පවුලක බැඳීම, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ බේරාගන්න ඕනෙම අවදානමක් ගන්න විදිහ මේකෙන් අපිට අපූරුවට පෙන්වලා දෙනවා.

Comments (0)

No comments yet.

Post a comment