කතාව යන්නේ දෙවෙනි ලෝක යුද්ධය කාලේ, ඒ කියන්නේ 1944 දෙසැම්බර් මාසේ සිද්ධ වෙන ‘Battle of the Bulge’ කියන ප්‍රසිද්ධ සටන අතරතුරයි. ජෝන් කාසල් (John Castle) කියන ඇමරිකානු සොල්දාදුවාගේ මුළු හමුදා කණ්ඩායමම නාසි හමුදාවේ සැඟවී සිට කරන ප්‍රහාරයකින් (ambush) මැරුණට පස්සේ, තුවාල වෙලා තනියම ඉතුරු වෙන්නේ එයා විතරයි. එයා ගාව තියෙන්නේ “Lassie” කියලා හඳුන්වන ෆීල්ඩ් රේඩියෝ එකකුයි, ‘Lucky Strike’ වර්ගයේ සිගරට් පැකට් එකකුයි විතරයි. මේ දේවල් දෙකත් අරගෙන, හතුරන්ගේ සීමාවල් ඇතුළේ සැඟවිලා ඉන්න ජෝන්, නාසි පෑන්සර් (Panzer) කණ්ඩායම් වලින් සහ SS මුර සංචාරකයන්ගෙන් බේරිලා, ආපහු තමන්ගේ හමුදාව ඉන්න ආරක්ෂිත තැනකට යන්න සැතපුම් ගාණක් දුර ගෙවාගෙන යන ත්‍රාසජනක ගමන තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නන්නේ.
No comments yet.