මකරුන්ගේ ගර්ජනාවයි, අහසින් වැටෙන ගිනි ජාලාවලයි සද්දෙත් එක්කම වෙස්ටරොස් භූමියම මහා ලේ විලක් වෙන්නයි දැන් ලෑස්ති වෙන්නේ. ඔව්, House of the Dragon Season 3 කියන්නේ අපි කාලයක් තිස්සේ ඇඟිලි ගනිමින් බලාගෙන හිටපු ඒ මහා විනාශයේ, එහෙමත් නැත්නම් ටාගේරියන්වරුන්ගේ සිවිල් යුද්ධයේ නියම ආරම්භය. පළවෙනි සහ දෙවෙනි සීසන් වලදි අපි දැක්කේ මේ මහා ගින්නට ටිකෙන් ටික පිදුරු වැටෙන විදිය. රෙනීරා සහ ඇලිසන්ට් අතරේ තිබ්බ පුංචි මිතුරුකම බිඳිලා ගිහින්, කිරුළ වෙනුවෙන් කරන කුමන්ත්‍රණ හරහා ඒක මෝරලා, අන්තිමට ඒක මහා මකරුන්ගේ යුද්ධයක් දක්වාම දුරදිග ගියා.
No comments yet.