MyFlix

Genre: Hindi

Watch count: 76

Play

Welcome to the Jungle (2026) Sinhala Subtitles | “ කැළේ සෙල්ලම්.. ” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අදත් ගෙනාවා කට්ටියටම හිනාවෙලා ආතල් එකක් ගන්න පුළුවන් සුපිරිම බොලිවුඩ් ෆිල්ම් එකක්. ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු “Welcome” ෆිල්ම් සීරීස් එකේ අලුත්ම ෆිල්ම් එක තමයි මේ Welcome to the Jungle කියන්නේ. මේකේ ඉන්න නළු නිළි සෙට් එක දැක්කාම ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අක්ෂේ කුමාර් (Akshay Kumar), සුනිල් ෂෙට්ටි (Suniel Shetty), සංජේ දත් (Sanjay Dutt), අර්ෂඩ් වාර්සි වගේ සුපිරිම බොලිවුඩ් තරු ගොඩක් එක්ක ලස්සන නිළියො සෙට් එකකුත් මේකට රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂණය (Director): අහමඩ් ඛාන් (Ahmed Khan) කාණ්ඩය (Genre): කොමඩි / ඇක්ෂන් (Comedy/Action) ධාවන කාලය: පැය 2 යි විනාඩි 43 යි තිරගත වූ දිනය: 2026 ජූනි 26 (ඉන්දියාවේ) 2026 ජූනි මාසේ රිලීස් වුණු මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ නම් 4.6/10 ක රේටින් එකක් තමයි ලැබිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ බොලිවුඩ් මසාලා කොමඩි ෆිල්ම් වලට රේටින්ග්ස් ටිකක් අඩු වුණාට, කම්මැලිකමක් නැතුව පවුලේ හැමෝටම එකට ඉඳගෙන හිනා වෙවී බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. පැය තුනකට කිට්ටු වෙන්න තියෙන නිසා ඇක්ෂන් වගේම කොමඩිත් අඩුවක් නැතුවම බලාගන්න පුළුවන්. අක්ෂේ කුමාර්ගේ කොමඩි වලට ආස කරන අයට නම් මේක මිස් කරගන්න එපා කියලම තමයි කියන්න තියෙන්නේ. එහෙනම් පහළින් තියෙන ලින්ක් එකෙන් සිංහල උපසිරැසියත් එක්කම ෆිල්ම් එක අරගෙන බලන්නකෝ. බලලා ගුණ දොස් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. තවත් මේ වගේම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බවෙමු. ජය වේවා!

Comments (0)

No comments yet.

Post a comment