මේ පාර මම අරගෙන ආවේ Lee Cronin’s The Mummy ෆිල්ම් එක. මුලින්ම කියන්න ඕනේ මේක ඔයාල අර හිතන පරණ මමී ෆ්‍රැන්චයිස් එකේ කොටසක් නෙවෙයි. ඒ නිසා ඒ ෆිල්ම් වල තිබුණ ඇඩ්වෙන්ච මේකෙ හොයන්න ගිහින් කලකිරෙන්න නම් එපා. මොකද මේක තනිකරම raw, gore, හොරර් ෆිල්ම් එකක්. හරියට ඔයාල කලින් බලපු Evil Dead: Rise ෆිල්ම් එක වගේ. ඒ ගැන පුදුමෙකුත් නෑ මොකද ෆිල්ම් දෙකම ඩිරෙක්‍ට් කරේ Lee Cronin මහත්මයානෙ. ඒ වගේම ඔහු සඳහන් කරලා තියෙනවා මේ ඊවිල් ඩෙඩ් රයිස් ෆිල්ම් එකයි මේ අලුත් මමී ෆිල්ම් එකයි එකම යුනිවර්ස් එකේ ෆිල්ම් දෙකක් කියලා. ඒ කියන්නේ ඉස්සරහට අපිට මමී සහ ඊවිල් ඩෙඩ් ක්‍රොස්ඕවර් එකක් වුණත් බලාගන්න බැරිවෙන්නෑ. ඊවිල් ඩෙඩ් කිව්වත් වගේ මතක් කරන්න ඕනේ තව ඊවිල් ඩෙඩ් ෆිල්ම් දෙකක් එන්නත් තියෙනවා, එකක් නම් මේ අවුරුද්දේ ජූලි වල එනවා අනිත් එක 2028 එනවා Evil Dead Wrath නමින්. ඊවිල් ඩෙඩ් නම් එක දිගට ඇදෙනවා, මේ අලුත් මමී ෆිල්ම් එකට මොනවා වෙයිද? ඒ ගැන නම් තාම නිළ තොරතුරු වාර්තා වෙන්නෑ, ඒත් අපිට අමුමාන කරන්න පුළුවන් මේකත් ඉස්සරහට කන්ටිනුව් වෙයි කියලා. මොකද මේක මේ වෙනකොට බොක්ස් ඔෆිස් මිලියන 83 හොයලා තියෙන්නේ මිලියන 22 වැනි බජට් එකකින්. ලාබ හොයල නම් ඉවරයි මේ වෙද්දි. අඩුම 100 පන්නලවත් බොක්ස් ඔෆිස් ගැහුවොත් අනිවා කන්ටිනිව් වෙන්න ඉඩ කඩ තියෙයි. ඒ වගේම මේකෙ ඩිජිටල් රිලීස් වෙන්නෙත් මැයි 19, තියටර් වලට රිලීස් වුණේ අප්‍රේල් 17. ඊට අමතරව මේකෙ රංගනයෙන් දායක වෙනවා Jack Reynor, Laia Costa, May Calamawy, Natalie Grace, Verónica Falcón වැනි අයත්. ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කිව්වොත් IMDb නම් 6.4 අගයක් තමයි අරගෙන තියෙන්නේ. ඒකට හේතුව කිව්වොත් ක්‍රිටික්ස්ලා පවසන්නේ ගොඩක් අය පරණ මමී ෆිල්ම් එක්ක මේක පටලව ගෙන ඒවගෙ තිබුණ ඇඩ්වෙන්චර් ගතිය මේකෙන් බලාපොරොත්තු වීමයි. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි තනිකරම හොරර් ෆිල්ම් එකක් තමයි මේක. ඒ වගේම මම කාලෙකින් බලපු සුපිරි හොරර් ෆිල්ම් එකක්. අනිත් බොහොමයක් හොරර් ෆිල්ම්ස් වල දැකගන්න නැති අමුතුම සැටිස්ෆැක්ශන් එකක් මේකෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඔයාලට ෆිල්ම් එක බැලුවාම ඒක තේරෙයි.
No comments yet.