MyFlix

Genre: Tamil

Watch count: 91

Play

Vaa Vaathiyaar (2026) Sinhala Subtitles | “ MGR ගේ පුනර්භවය ” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ “රාමු” (කාර්ති). රාමු ඉපදෙන්නේ තමිල්නාඩුවේ සුපිරි නළු සහ හිටපු මහ ඇමති එම්.ජී. රාමචන්ද්‍රන් (MGR) මියගිය දවසෙමයි. රාමුගේ සීයා (රාජ්කිරාන්) දැඩි MGR රසිකයෙක් නිසා එයා විශ්වාස කරන්නේ තමන්ගේ මුනුබුරා MGR ගේ පුනර්භවය කියලයි. ඒ නිසා එයා රාමුව හදන්නේ MGR ගේ යහපත් ප්‍රතිපත්ති සහ ගතිගුණ අනුව. හැබැයි රාමු ලොකු වෙද්දී සීයා හිතපු විදිහට නෙවෙයි වැඩ කරන්නේ. එයා යහපත් MGR වගේ නොවී, MGR ගේ චිත්‍රපටිවල හිටපු දුෂ්ටයා වෙන “නම්බියාර්” (Nambiar) වගේ වැඩ කරන්න පටන් ගන්නවා. රාමු දූෂිත පොලිස් නිලධාරියෙක් වෙලා, සල්ලියි බලයයි වෙනුවෙන් ඕනම වැඩක් කරන කෙනෙක් බවට පත් වෙනවා. එයා පාතාලේ, දේශපාලනේ ඉන්න ප්‍රබල සල්ලිකාරයෙක් වෙන පෙරියසාමි (සත්‍යරාජ්) එක්ක එකතු වෙලා අයුතු වැඩ වලට පෙළබෙනවා. රාමුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ එයාට මුහුණ දෙන්න වෙන එක අකරතැබ්බයක් නිසයි. ඒ සිදුවීමත් එක්ක රාමුගේ සිතුවිලි වල ලොකු වෙනසක් (Psychological shift) ඇති වෙනවා. එයාගේ යටි හිතේ හිරවෙලා තිබුණු MGR ගේ චරිතය “වාතියාර්” (Vaathiyaar) විදිහට එළියට එනවා. රාත්‍රී කාලේ රාමු තමන්ගේ දූෂිත වැඩ නවත්වලා MGR වගේ වෙස්වලාගෙන අසාධාරණයට එරෙහිව සටන් කරන්න ගන්නවා. තමන්ගේම සිතුවිලි දෙකක් අතර (නම්බියාර් vs වාතියාර්) පැටලෙන රාමු මේ ප්‍රශ්නය කොහොමද විසඳගන්නේ? එයා අවසානයේ හැබෑ වීරයෙක් වෙයිද? කියන එක මේකේ හාස්‍යජනක වගේම ක්‍රියාදාම පිරුණු විදිහට බලාගන්න පුළුවන්.

Comments (0)

No comments yet.

Post a comment