MyFlix

Genre: Malayalam

Watch count: 53

Play

Athiradi (2026) Sinhala Subtitles | “ ගිනිගත් සැණකෙළිය ” | සිංහල උපසිරැසි සමඟ

“Athiradi” කියන්නේ මේ 2026 වසරේ තිරගත වුණු, කැම්පස් එකක් වටා ගෙතුණු අළුත්ම චිත්‍රපටිය. මේක සම්පූර්ණයෙන්ම සිනහව වගේම හැඟීම්බර අවස්ථාත් එකට එකතුවුණු Fun-filled entertainer එකක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන ‘සෑම්කුට්ටි’ට පණ පොවන්නේ කවුරුත් ආදරේ කරන Basil Joseph. එයාගේ රංගනය ගැන නම් නොකියාම බැහැ, කිසිම කෘතිම ගතියක් නැතුව චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ Negative shade එකෙන් එන Tovino Thomas. එයාගේ ඒ Mass ගතිය සහ Trivandrum accent එකෙන් දෙන අමුතුම Vibe එක චිත්‍රපටියට වෙනස්ම ගැම්මක් එකතු කරනවා. ඊට අමතරව Vineeth Sreenivasan, Shan Rahman වගේ අයගේ රංගනයනුත් මේකෙදි අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම කතාව පුරාවටම තියෙන Gen-Z විදියේ කොමඩි ටිකත් පට්ටම ආතල්. 🤩✨ කතාව මෙහෙමයි.. සෑම්කුට්ටි කියන්නේ කැම්පස් එකේ ඉන්න මාරම Energetic කොල්ලෙක්. මෙයා උත්සහ කරනවා කාලෙකට කලින් තහනම් කරලා දාපු කැම්පස් එකේ ෆෙස්ටිවල් එකක් (College Festival) ආයෙමත් පටන්ගන්න. හැබැයි මේ වැඩේට බහිද්දිම මෙයාට හැප්පෙන්න වෙන්නේ වෙනස්ම විදියේ චණ්ඩියෙක් එක්ක. ඊගෝ එක, ආත්ම ගෞරවය ඉස්සරහට දාගෙන යන මේ ගැටුම නිසා, ඒ ලොකු සැමරුම අන්තිමට ලොකු අවුල් ජාලයක් බවට පත්වෙනවා. සෑම්කුට්ටිට මේ ෆෙස්ටිවල් එක සාර්ථකව කරගන්න පුළුවන් වෙයිද? මේ අහඹු ගැටුම කෙළවර වෙන්නේ කොහොමද?

Comments (0)

No comments yet.

Post a comment