කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මේකෙ ගොඩක් දුරට තියෙන්නේ සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්ගේ අඳුරු අතීතයක් එළියට එන කතාවක්. හිතන්නකො සාමාන්‍ය මස් කඩයක් කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්, තමන්ගේ පවුලට හරි තමන්ගේ සමීපතමයින්ට හරි වෙන අසාධාරණයක් නිසා තමන්ගේ පරණ පුරුදු ආයුධය (මස් කපන පිහිය – The Butcher’s Blade) ආයේ අතට ගන්නවා. එතනින් එහාට තියෙන්නේ සතුරන්ව එකා දෙන්නා හොයාගෙන ගිහින් දෙන පට්ටම ගේම් එකක්. චීන ෆිල්ම් වල තියෙන සුපුරුදු පළිගැනීමේ තේමාව මේකෙත් උපරිමයෙන්ම බලාගන්න පුළුවන්.
No comments yet.