මේක නිකම්ම නිකන් ගහමරාගන්න ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. 1970 දශකයේ බැංගලෝර් වල පාතාලයේ සිද්ධ වෙච්ච ඇත්තම සිදුවීම් ටිකක් පාදක කරගෙන තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ පරණ කාලේ වාහන, ඒ කාලේ මිනිස්සුන්ගේ ස්ටයිල්, පරණ ආයුධ එක්ක තනිකරම වින්ටේජ් ගැන්ස්ටර් (Vintage Gangster) වයිබ් එකක් තමයි මේකේ තියෙන්නේ. Action Prince කියලා හඳුන්වන ධෘව සර්ජා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. මේ ෆිල්ම් එක වෙනුවෙන් එයා තමන්ගේ ඇඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන, ලොකු කැපවීමක් කරලා තියෙනවා. KGF එකේ අධීරා වෙලා ඇවිත් පිස්සුවක් නැටුව බොලිවුඩයේ ජනප්‍රිය නළු Sanjay Dutt මේකෙත් ප්‍රබල දුෂ්ට චරිතයක් කරනවා. කන්නඩ සිනමාවේ දැවැන්ත නිර්මාණ කරන ප්‍රේම් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. ගොඩ කාලෙකට පස්සේ ශිල්පා ෂෙට්ටි (Shilpa Shetty) මේ ෆිල්ම් එක හරහා කන්නඩ සිනමාවට එනවා. ඒ වගේම වී. රවිචන්ද්‍රන් වගේ දැවැන්තයොත් මේකට එකතු වෙලා ඉන්නවා.
No comments yet.